Baaghi 3 sinhala

#Baaghi_3(2020)


ඇවේන්ජර් නිව් මෙම්බර් රොනි.මුලින් කියන්න ඕනි මේක marvel,DC,Netflix ආයතන ඔක්කොම සියලු වැඩ නවතා මේ දවස් වල ටයිගර් තමන්ගෙ ආයතනවලට බදාවාගන්නත් ඊලග බාගි 4පිටපත හොරෙන් පන්න ගන්නත් හොයනවලු.ෆිල්ම් එක ඉතින් බලන්න මන් වගේ කාලකන්නියෙක් වෙන්නම ඕනි.බාගි 3 කියන්නෙ මුල් එකට කිසිම සම්බන්දයක් නැති 2012 ආපු vettai ෆිල්ම් එකේම කොපියක් කියන එකත් කියන්න ඕනි🤣ඔන්න එහෙනම් පටන් ගමු.🤣
තනි මිනිහෙක් රටකට ගහන්නෙ කොහොමද.මුලින්ම කියන්න ඕනි දේ.අපි පොඩි කාලෙ බැලුව නේද සුපර් මෑන් මුල්ම චිත්‍රපටි ටික.ජන්ගිය කලිසමට උඩින් අදින සුපර් මෑන්.අන්න ඒවගෙ මතකද,කටින් පූගාල වැවක්.අයිස් කරනව ඒක උස්සන් ඇවිත් මුලු නගරෙකම ගින්නල් නිමනව.ප්ලේන් එකක් තනියම උස්සන් යනව.මුලු පෘතුවියම ආපස්සට කරකනව.බැලුවනම් මතක ඇති.බනින්න එපා චිත්‍රපටියට.අපේ බාගි ප්‍රඩියුසර්ට ඕනි ඉන්දියාවෙන් අන්න ඒ සුපර් මෑන් කොලුවව එලියට ගන්නෙ.අන්න ඒ වාසනාව හිමි වෙන්නෙ කාටද.අපේ ස්ටන්ට් බෝයි ටයිගර් කොලුව.මොන තරන් ආඩම්බරයක්ද.එකම තැන එකම විදියට පැන පැන ඉදපු ඒ කොලුවට සුපර් මෑන් චරිතෙ හම්බුන එක."බොහොත් සුන්දර්"
මේ වෙනකොට 80%ක් විතර ෆිල්ම් එක බලල ඉන්න බව තේරෙනව.රැල්ලට යන සෙට් එක කියනව ඩේට අපරාදෙ බෑවෙ නෑ.ඕව ජරාවල් බලන් නෑ.ඊට වඩා හොදයි අරක මේක බැලුවනම් කියල ඔක්කොම බලල තමා තියෙන්නෙ.
සරලව ඔක්කොම ෆිල්ම් බලන මන් වගේ කාලකන්නි මේකත් බලනව.🤣🤣🤣.ඉතින් මාත් බැලුව බලල ආයෙ බැලුව.ආයෙත් බැලුව.ෆිල්ම් එකේ මුල් ටික අයියට ගහනව මල්ලි බේරනව අයියව බලා ගන්නව කෙල්ලෙක් හොයනව සෙට් වෙනව ලව් කරනව අයිය පොලීසියට යනව නිකන්ම හින්දි ෆිල්ම් එකක් වගේ ගලාගෙන යනව.සුපිරි විර මල්ලි පොඩි පොඩි සෙට් වලට ගහනව වැඩ දාන්ව පාවෙනව.ඒව කොහොමත් තියනවනෙ.ඔන්න ඒ අස්සෙ තමා අන්තිම බාගෙද සුපර් මෑන් එලියට එන්නෙ.සිරියාවෙ ලොකුම isis කල්ලිය අයියව පැහැර ගන්නව.මල්ලිට මල පනිනව.බේර ගන්න යනව.
කෑම්ප් එකෙ වලිය part 1
චෙක් පොයින්ට් එක සහ මුර කුලුනු දෙක.ඔන්න අපේ සුපර් මෑන් කොල්ල එනව ග්‍රැනේඩ් පැකට් එකක් උස්සනව ඔක්කොම නිකන් මුත්තයියා යෝකර් දානව වගේ හලාගෙන හලාගෙන යනව.ඒ වගේම උස කේබල් වලින් ස්පයිඩර් මෑන් ලුක් එක්කුත් තියනව.කලිසමේ සාක්කු දෙකයි.ඒත් ජැකට් එක්කුත් නෑ.ග්‍රැනේඩ් කොහොම හරි බර ගානක් හලනව.මට හිතෙන්නෙ ගිලපු ග්‍රැනේඩ්.ඒක අවුලකුත් නෑ.
ඒත් කෑම්ප් එකේ එකෙක්වත් වෙඩිතියන් නෑ.වෙඩි වදින්නෙත් නෑ.its done❤
කෑම්ප් එකේ වලිය part 2
කාන්තාර පිට්ටනිය සහ වාහන සෙට් එක😘ඔක්කොටම කලින් කොල්ල යනව.කේබල් ටිකක් අටවනව.වාහන පෝලිම එනව මූනට අඩියක් තියල.වාහනේ පුපුරනව තහඩු කෑල්ලක් වත් ඇගට විසි වෙන් නැතුව.වාහනේ කුඩු.වාහන ඔක්කොගෙම වෙපන් කාරයො 30 ක් විතර ඉන්නව මෙයා ගහගද්දි වෙඩි තියන් නෑ.තියන ඒව වදින්නෙත් නෑ.අවවාදයයි බොඩි ආමර් එකක් දාලත් නෑ.සෝ මෙයා සුපර් මෑන්.ප්‍රාන ඇපකාරයො බේර ගත්ත.හල්ක් සහ බ්ලැක් විඩෝ යන සියලු සුදුසුකම් තනි පුද්ගලයට හිමි වේ.its done❤
කෑම්ප් එකේ වලිය part 3
ඔන්න සුපර් කොල්ලගෙ ලේ හෙල්ලෙයි කියල හිතුව.හෙලි කොප්ටර් තුනක්.අම්මෝ...මොන පිස්සුද මිසයිල ගහනව වෙඩි තියනව පස්සෙන් පන්න පන්න.ඒත් කොල්ල ඉස්සරහින් දුවනව.මිසයිලෙ පස්සෙන් වැදෙන ප්‍රෙශර් එක අරන් කොල්ල ඉසරහට පනිනව.එල්ලෙන්නෙ හෙලිකොප්ටරේක.WTF🙄🙄🙄පස්සෙන් ආව හෙලිකොප්ටර් වල ඉස්සරහට පැනල එල්ලෙන්නෙ කොහොමද.dont misunderstand.එයා සුපර් මෑන්.හෙලිකොප්ටර් උඩ වලිය දාල ඔක්කොම හෙලිකොප්ටර් ටිකම එකම තැන පුපුරල දානව.හෙලිකොප්ටර් කඩාගෙන වැටෙද්දි පනින්නෙත් බිල්ඩින් එක්කට.වලිය යන්නෙ ලොකු කාන්තාර පිට්ටනියක.ඉතින් හිතන්න එපා ඒක එයාගෙ වෙලව.හෙලිකොප්ටර් තුනත් ඉවරයි.its done❤
කෑම්ප් එකේ වලිය part 4
ඔන්න සුපිරි කොල්ල ඉන්නෙ වැටිච්ච හෙලිකොප්ටර් උඩ.පල්ලෙ ඉන්න ඔක්කොම උන් එක පාර උඩ ඉන්න එකාට වෙඩිතියනව...යකෝ මැට්‍රික්ස් දෙයියො වැහෙනව.බුලට් ඔක්කොගෙන්ම බේරෙනව එහාට මෙහාට වෙලා.හරියන් නෑ මැග් ටිකේ බුලට් වැඩී.වෙන්ගාඩියන් ලෙවියෝසා.වොන්ඩර් වුමන්...දෙයියනෙ ගත්ත කොප්ටරෙව් දොර.අරුන් තියනව වෙඩි එකක් වදින් නෑ.උඩ ඉදන් වදිනව පිටිපස්සෙ එකෙක් වත් වෙඩි තියන් නෑ.ඔක්කොම ඉස්සරහින්.කකුල ඔක්කොම open,නෑ වෙඩි තියන් නෑ.දොරේ ග්ලාස් ජනේලයක් තියෙන්නෙ.ඒක කුඩු වෙලා ඇගට වෙඩි වදින්නෙත් නෑ.ඔක්කොම තහඩුවට.වටේ ඉන්න ඔක්කොටම යකඩ කැලි වලින් පිහි වලින් ඇන ගෙන කපල දානව.අම්මෝ ඒකත් හරි
Its done❤
කෑම්ප් එකේ වලිය part 5
හෝ හො අයන් මෑන්.බැලුවනෙ යුද්ද ටැන්කි ටිකේ වලිය.ඔන්න කොල්ලො වීරය ඉවරයි.tanks 10 ක් විතර එනව.එකයි වෙඩි තියන්නෙ සමහර ඒවට Ak47එක්කින් පවා වෙඩි තියල නවත්තනව.වීරයාගෙ කෙල්ලත් එනව එතනට.කෙල්ලව පැත්තකට දාල යුද්ද ටැන්කි ඔක්කොටම ගහනව කොල්ල තනියමම.iron man කියන්නෙ නිකම් නෙමේ  ...ඒත් එක බුලට් එකක් වත් වදිනවද.so නෑ යාලුවනෙ.මේක ප්‍රාතිහාරයක්.its done❤
කෑම්ප් එකේ වලිය part 6 සහ අවසානය
ඔක්කොම ඉවරයි අයිඑස් නායකයගෙ කට්ටිය.තව 8ක් වගෙ ඔක්කොම ඉන්නෙ.නායකය කොර වෙලා අයිය මල්ලිගෙ සහයෝගයට.ඔක්කොම ඉන්න ප්‍රාන ඇපකාරයොත් අරන් යන්න කියනව.පොර කොර උනා.යන්න යද්දි වීරයගෙ කෙල්ලව තියාගෙන ලයින් එකක් දෙනව.ඔය කෑම්ප් එකේ ලක්සෙකට විතර ගහපු විරය.කොර වෙලා හත් අට දෙනෙක්ගෙන් ගුටිකනව.හෙන උලක් බඩට බස්සනව.ඔන්න ඒක දකින අයිය අර ගැනි වගේ කාටවත් නොගහපු අයිය.මල්ලි වෙනුවෙන් යකෙක් වෙලා ඔකොටම ගහල අයිඑස් නායකයවත් සොත්ති කරන්ව.වාව්.වීරය මැරිල කියනව ඔක්කොම ඒත් එක පාරම අයිඑස් නායකය අයියට ගහන්න ආයෙත් එනව.තෝර් රැග්නරොක්.ඇහැක් නැතිඋනත් කොල්ල කෙලින් වගේ මැරෙන්න ගියපු එකාට පන එනව අයි එස් නායකයව මරනව.
ඔන්න ෆිල්ම් එක ඉවරයි.අයියට සම්මාන හම්බෙනව.අයිය වීරයෙක් වෙනව.මල්ලි සතුටුවෙනව තාත්තගෙ අවසන් ඉල්ලීම ඉශ්ට කර එක ගැන.ඒත් මම කියන්නෙ මේ වගේ ෆිල්ම් තම හැදෙන්න ඕනි.මොකද කියනවනම් marvel,DC,netflix වගේ ආයතන දැනටම කොරවෙලා ඉන්නෙ.මුලින් කීව වගෙ උන් ඉල්ලීම් කරාලු ආයෙ බාගි 4 එකක් හදන්න එපා කියල.බිස්නස් වැටිල.අනික ටයිගර්ට ලොකු ගානකට හැම කම්පැනි එක්කින්ම ආරාදනා.මේවාගේ ප්‍රඩියුසර්ල පෙර ආත්ම වල පතන්න ඕනි.සො කාලය කන්න හොද ෆිල්ම් එකක්.ඩේටා අපරාදෙ  කියන්න ඕනි නෑ.ආතල් කොමඩි ෆිල්ම්.එකක් විදියට තමා ගන්න තියෙන්නෙ.
මන් වගේ කාල කන්නි ඉන්නව නම් avengers new member රොනි ඉන්න මේ ෆිල්ම් එකත් බලන්න.❤❤❤
                      BY PATHUM

Comments

Popular posts from this blog

Extraction sinhala subtitle