Sylvester Stallone sinhala
Sylvester Stallone By pathum Like us on facebook ස්ටැලෝන්ගේ ජීවිතය ආරම්භ වුණේම ඛේදවාචකයක් සමඟ. මවගේ තිබුණු සමහර සංකීර්ණතා නිසා ඉපදෙද්දිම ස්ටැලෝන්ගේ මුහුණේ පහළ කොටස ( දිව , කම්මුල , තොල් ) අංශභාග තත්ත්වයට පත්වෙලා තිබුණා. පුංචි කාලේදි ස්ටැලෝන්ට සාමාන්‍ය විදිහට කතා කිරීම ලොකු අභියෝගයක් වුණා. ඒ නිසාම ඔහු අනිත් ළමයින්ගේ විහිලුවට , කරදර වලට ලක්වුණා. පුංචි ස්ටැලෝන්ට ගෙදරත් නිදහසක් තිබුණේ නෑ. ස්ටැලෝන්ගේ අම්මා තාත්තා අතරත් ගොඩක් ප්‍රශ්න තිබුණු නිසා ඔවුන් ස්ටැලෝන්ව නොසලකා හැරියා. ඔහු පොඩි කාලේ හිටියේ කැපකරු සත්කාරක මධ්‍යස්ථාන වල. ස්ටැලෝන්ගේ දෙමව්පියන් ඉක්මනින්ම වෙන් වුණා. තරුණ වයසට එනකොට ස්ටැලෝන්ට ජීවිතය ගැන තිබුණේ කෝපයක් විතරයි. ස්ටැලෝන්ගේ පාසල් අධ්‍යාපනයත් එතරම් සාර්ථක වුණේ නෑ. ඔහුව පාසල් 14 කින් නෙරපා දැමුවා. ඊට පස්සේ ඔහු කායවර්ධනය කරන්න පටන් ගත්තා. පසුව ඔහු රංගන ශිල්පියෙක් වෙන්න ඕනි කියලා හිතාගෙන නිව්යෝර්ක් වලට ගියා. අවුරුදු ගාණක් උත්සහ කරද්දි ස්ටැලෝන්ට සුළු සුළු චරිත රඟපාන්න අවස්තාව ලැබුණා. ඒත් ඔහුට ජීවිතය පවත්වගන්නවත් මුදල් තිබුණේ නෑ. ඔහු හැම වර්ගෙකම රැකියා කරන්න ප...